මම කලිං ලියපු ජීවානුහරනය පෝස්ට් එකේද කීවනෙ ඇන්ටි සහ මංජු ඉන්න තව කතා ගොඩක් තියනව කියල . . . ඉතිං සුරංගය සුරේ දියේ දාපු සිද්දිය තරං රහක් නැතිඋනත් මෙන්න තව කෙටි කතා ටිකක්.
Thursday, March 1, 2012
Tuesday, February 7, 2012
ජීවානුහරනය
![]() |
| http://princedante.blogspot.com/2007/08/dick-on-fire.html |
ටික කාලයකට කලින් නුගේගොඩ හිටපු ප්‍රසිද්දම චරිත දෙකක් තමයි *** ඇන්ටියි, මංජුයි (මෙතනින් එහාට ඇන්ටි කියල විතරක් හඳුන්වන්නං). දෙන්න අම්මයි දුවයි. නුගේගොඩ, කෝට්ටෙ පැත්තෙ මේ දෙන්නගෙ කීර්තිය පතල වෙලා තිබුනෙ ට්‍රේනිං කොලේජ් එක සහ පොදු ප්‍රවාහන සේවය කියන නම් වලිං. ඒ තත්වෙට එන්න දෙන්න, විශේශයෙන් ඇන්ටි ගොඩක් මහන්සි උනා. කොච්චර මහන්සි උනාද කියනව නං, අංකල් එල්ලිල මැරුන, ලොකු පුතා මානසික රෝගියෙක් උනා, පොඩි පුතා මම දන්න විදියට තාම හිරේ, අන්තිමටම ඇන්ටි ගිනි තියාගන මැරුන.
Sunday, December 4, 2011
ආනේ . . . සුගත් අයියා . . .
මගෙ ටැස්ටිං පෝස්ට් එකට බලාපොරොත්තු නොවුන ජනතා ප්‍රතිචාරයක් ලැබුන නෙව . . . . හැබැයි ඉතිං දේවා ගේ අඩවිය කියන විදියට මාසෙටම දාන එකම පෝස්ට් එකවත්, පොඩි කුමාරිහාමිගෙ හිතේ තියන හේතුවවත් නෙමේ ඒ ටැස්ටිං එක දාන්න හේතුව . . . ඊට කලිං මම දාපු ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනය කියන පෝස්ට් එක කාගෙවත් බ්ලොග් රෝල්වල අප්ඩේට් උනේ නැති නිසයි . . ඒ ටැස්ටිං එක දැම්මෙ. හැබැයි ඉතිං පොඩි කුමාරිහාමි හිතපු විදියෙ අමතර වාසියකුත් උනා තමයි . . . නැත්තෙම නෑ . . . .
මෙන්න මගෙ දෙසැම්බර් මාසෙ පලවෙනි පෝස්ට් එක (සමහරවිට මාසෙටම මේක විතරක්වෙන්නත් ඉඩ තියනව . . . .)
Saturday, December 3, 2011
පොඩි ටැස්ටිං එකක් . . .
පොඩි ටැස්ටිං එකක් . . .
මගෙ ෆීඩ් වල අවුලක් තියනව වගේ . . ඒකයි මේ . . . නොසලකා හරින්නලා ඈ . . . . .
ටැංකිවු . .
ඩබ්.ඇම්.පී.ඕ. මැන්ටල්
මගෙ ෆීඩ් වල අවුලක් තියනව වගේ . . ඒකයි මේ . . . නොසලකා හරින්නලා ඈ . . . . .
ටැංකිවු . .
ඩබ්.ඇම්.පී.ඕ. මැන්ටල්
Thursday, November 3, 2011
ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනය
ඔන්න ඔය කියපු මගේ සිහිනය හැබෑ කරගන්න හිතාගෙන මම වතාවක් මම ගත්ත පිංතූර තුනක් මූනු පොතේ දැම්ම.
ඉතිං එහෙනං අහවල් එකක්ද මේ කියන්නෙ . . ???
ඔයාලට එහෙම හිතෙන එක මට නවත්තන්න බැහැ නෙ . . .
ඒකට හේතු තුනක් තියනව . . .
එකක් තමයි . . . . . ඒ පොටෝ මූනු පොතේ තියන්නෙ කොපි රයිට් නැතුව නිසා ඕනෙම කෙනෙකුට උස්සන්න පුලුවං . . .
දෙවනි හේතුව තමයි . . . අර ජෝඩුවක් ඉන්න පිංතූරෙ ඉන්න මගෙ මිත්‍රයට (මනමාල මහත්මයට) මිනිහගෙම යාලුවෙක් ඔය පිංතූරෙ ඊයකින් එවල තියනව . . .
ඉතිං මට ඌ කිවුව වහාම ඕක අයිං කරපං . . නැත්තං ඔය පිංතූරෙ උඹ ගත්ත එකක් කියල පේන්න මොනව හරි කරපං කියල . . .
ඉතිං මම හිතල බැලුව . . ඔය පිංතූර ටික කොමෙන්ට් ටිකත් එක්කම අගෙ ලඟම කාටත් බලන්න පුලුවන් වෙන්න තියාගන්නෙ කොහොමද කියල . . . එතකොට තමයි මාරයගෙ හෝරාව ලියන මාරය බනියගෙ පිංතූරෙකට විචාරයක් දාපු පෝස්ට් එකක් මාරයගෙ බ්ලොගේ පලවුනේ . . . .
මට සුටුස් ගානකෝටම වැටහුනා . . . මම මොනවද කරන්න ඕනෙ කියල . .. .
ටක් ගාල ගත්ත මගෙ පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක . . . දැම්ම ඒකෙං පොටෝ තුනටම මගෙ ඉස්ටූඩියෝ එකේ නම. . .
දැං ඔයාල මේ පිංතූර බලල "අඩේ මොකද්ද මේ පට්ට පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක???" කියල කල්පනා කරල ඔයාලගෙ මොල ගෙඩි ටික කුරවල් කරගන්න හදන්න එපා . . . මම කියන්නංකො

Subscribe to:
Posts (Atom)